ස්තූතියි ඩිලි...




බ්ලොග් එකේ අළුත අවුරුද්දේ සටහනක් නොදාපු එක හිතට වදදුන්නා. නමුත් වෙලාවක් නොලැබුණු නිසා බැරිඋනේ. අළුත් අවුරුද්දේ පළමු සටහන බොහොම කෙටියෙන් ලියවෙන්නෙ. නමුත් එය අමුතු සතුටක් හිතේ තියාගෙනයි සටහන් කරන්නෙ. අවාසනාව කාසියේ වාසියේ පටන්ම පිට්ටනියට අරන් ගිය අපේ ටීම් එක අවසන් තරඟ දෙක දිනපු හැටියට මුළු රටටම තරමක සැනසීමක් ඇතිවුනේ. පක්ශ, පාට,ආගම්,ජාති,කුළ මල බේද නැතුව රටම එකට හිටියෙ ක්‍රිකට් වලදි බවයි මට දැනෙන්නෙ. ඒ එකමුතුවත් ලංකාවෙ හැම වටිනාකමක්ම නැති කරන දේශපාලනෙන් විනාස වීම වේදනාවෙන් බලා හිටියෙ.

නමුත් එකපාරම පළවෙනි තරගෙ ලබපු අන්ත පරාජය උඩු යටිකුරු කර සටන් කරපු හැටි දැකපු දකුණු අප්‍රිකාවත් පුදුම උනු බව සැකයක් නෑ. සමුගන්නට මොහොතකට කළින් පරණ පුරුදු අපේ ටීම් එකේ මතුවීම ඩිල්ශාන්ට කරපු කළගුණ සැලකීමක් බවයි මට දැනෙන්නෙ.අළුත් මුහුණු කිහිපයක් අත්හදා බැලීමකුත් එක්ක ලැබූ ජය වටිනව. හැරමිටියෙන් යමිනුත් තමන්ගේ උරුමය, අයිතිය, ජ්‍යෙයෂ්ඨත්වය ගැන පුරසාරම් දොඩවමින් පැළපදියම්ව ඉඳීම හුරු රටකට ක්‍රිකට් වලින් දුන්නු ඒ ආදර්ශය වටිනවා.

ඩිල්ශාන් සමුගන්නේ අසාර්ථක නායකයෙක් හැටියට සංඛ්‍යාලේඛන, දත්ත පෙන්නනව. නමුත් ඩිල්ශාන් කරදුන්නේ ජරාජීර්ණ වෙමින් වලපල්ලට යමින් තිබූ පරිපාලනයකින් බැටකන කණඩායමක අනාගතයට. එහි වටිනාකම ක්‍රිකට් වලට උඩින් සිටිනා සමහරක් දෙවිවරුන්ට නොපෙනෙන්නේ ඔවුන් වචනයේ අර්ථයට පමණක් දෙවිවරු වීමත්, සැබැවින්ම බහිරවයන් වීමත් නිසායි.නිහඬ සංගා, මහේල කතාකිරීම ඇරඹූ දවසක ඒ අපූරු චරිත හා ක්‍රිකට්වලින් හම්බකිරීමේ නොසිඳෙන ආශවෙන් පෙළෙන සමහර තරුණ චරිත වලට ක්‍රිකට් ලෝලීන්ට වග උත්තර බැඳීමට සිදුවෙනවා ඒකාන්තය.

විකට් එකක් ඕනෑ වූ වෙලාවට මොනවාහරි කිරීමට දැඟලුවා... විකට් රකින්නෙක්ගෙ අඩුව පුරවන්නත් ලෑස්ති පිට හිටියා... සනත්,කළු ට පසු බිහිවුනු නියම විදියට ඉනිම ආරම්භ කරන්නෙක් හැටියටත් වගකීම ඉටු කළා... සංගා බෑ කියා මහේලත් බෑ කියූ විට ඔහේ යාමට තිබූ ටීම් එකට නායකයා වී බැනුම් ඇසීමේ වාසනාවටත් කරදුන්නා... ඒ බැනුම් පරාජයේ වේදනාවට ප්‍රේක්ශකයන්ගෙන් ලැබුනු ඒවා මදිවට බැට් එක අතේ තියන් ඉපදුනු බවට රඟනා සමහරක්ගෙනුත් ලැබුනු ඒවා. අර්ජුන,සංගා හා සමාන නොකළත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වළපල්ලට නොයන්නට කරදුන්නේ ඩිල්ශාන්.

සුපුරුදු සටන්කාමීත්වයත්,ආවේගයත් නැවතත් අරන් සමුගන්නට කළින් තමන් පරණ ඩිල්ශාන්ම බව ඩිල්ස්කූප් එකකින් හයක් ගහලත් ඔප්පු කළේ ක්‍රිකට් ලෝලීන්ට නෙවේ ක්‍රිකට් ආහාරය කරගත් අයටය. පඩියත් නොගෙන රට වෙනුවෙන් වගකීම ඉටුකල අපේ ටීම් එකට ජයවේවා. අපේ ටීම් එක ආයෙත් ට්‍රැක් එකේ. බෝඩ් එකනම් කොහොමද දන්නෙ නෑ... ස්තූතියි ඩිලි! ජයවේවා මහේල...

Comments

  1. අනේ ඒත් ඩිලී පව් අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් පව් තමා... වගකීමක් බාරගන්න කෙනෙක් නැති තැනදි ඒක බාරගැනීමෙන් අපවාදවලට ලක්වෙන එක ස්වාභාවිකයිනෙ...

      Delete
  2. යූ ගායිස් ආර් සීරියස්ලි ඉල්... යු නීඩ් හෙල්ප් බන් :පී

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ බ්‍රදර් ෆෝර් යුඅර් කයින්ඩ් කන්සිඩරේශන්... :කැපිටල් ඩී

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment