කොළඹගේ මට, නෑ කොළඹගේට මාව අහුවිය... දිනේශ් කොළඹගේ සමග කතාබහ

සුළඟ වගේ ඇවිදින් අගය කර පෝස්ට් එකක් දැමීම ඇඩ්වර්ටයිසින් හෝ කඩේ යාමක් නොවුන බව මුලින්ම සඳහන් කළ යුතුය. සුළඟ වගේ ඇවිදින් වැනි සරල කතාවක් මෙතරම් අගය කිරීම යම් අයෙකුය උපහාසාත්මකව පෙනිය හැකි බැවින් කතා මේ ලිපිය ආරම්භයේ ඒ ගැන සඳහනක් කිරීමට හිතුනා.

A Walk to Remember වැනි හොළිවුඩ් මෙන්ම A Moment to Remember වැනි ආසියාතික නිර්මාණද උඩදමා අගය කරන යුගයක සුළඟ වගේ ඇවිදින් විවේචනය කිරීම ලාංකික කුහකත්වය ප්‍රදර්ශනයක් බව මගේ අදහසයි. එකම රාමුවේ අපේ නිර්මාණය වැඩකාරයෙකුගේ අතින් සිනමාවට නැගුනේනම් විදෙස් නිර්මාණවලට වඩා එය ලාංකිකයන් වැළඳ ගන්නා බව පැහැදිළියි. මල් කතා කාරයෙකු ලෙස හංවඩු ගසා කොළඹගේ බැහැර නොකළේනම් සමහර විටක අද නවකතා කර්මාන්තයට පහර ගසන වටිනා නිර්මාණ ඔහු අතින් බිහිවෙන්න ඉඩ තිබූ බව මට හිතෙන්නෙ. හරියාකාරව ඔහුගේ පහුබැහීම ගැන නොදැන අර්තකථන සැපයීමට මට අයිතියක් නැත.

එමෙන්ම ඒ කතාවට උත්තර සෙවීමටද ඔහු මට ඉඩක් නොතැබුවේය. මෙය ඔහුගේ අනුදැනුම මත බ්ලොග් අවකාශයේ ලියවේ. සම්මුඛ සාකච්ඡා (ඇත්තෙන්ම එතරම් බර සාකච්ඡාවක් නොව එය සුහද කතාබහකි ) කර නුපුරුදු මම හැකි පමණ රවුම් ප්‍රශ්න අසා උත්තර අල්ලාගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එමෙන්ම සමහර මෙන්ම සියලුම ප්‍රශ්නවලට උත්තර නොදීමට ඔහුට ඇති අයිතියට හිස නැමුවෙමි. මේ ඒ කතාබහ එලෙසම සකසා ඉදිරිපති කිරීමකි.

මහ රෑක මූණුපොතේ ඉන්නා මොහොතක බටහිර ගංගා දෙකක නමින් ඇති ප්‍රොෆයිලයකින් චැට් වින්ඩෝවක් මතුවිය. මින් පෙර එයින් සුළඟ වගේ ඇවිදින් නැවත ප්‍රකාශනය පිළිබඳ මාව ද දැනුවත් කර තිබූ බැවින් අමුත්තක් නොවීය. මේ ඒ කතාබහයි...



හිතවත් *****, තේ සහ වො හරහා ලැබුන පනිවිඩය ලැබුනා. පහුගිය දවස් ටිකේ මට ඒක බලන්න ඒතරම් අවස්තාවක් ලැබුනේ නැ. කොහොම වෙතත් ස්තූතිය මල්ලි පොත ගැන කතා කරපු එක.

සුළුදෙයක්... සතුටුයි අපේ අදහස්වලින් පොත ආයෙත් පළකළාට...

මමත් ආනන්දෙ තමයි. පොත වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් හදමු කියලා අපි කට්ටිය කතා වුනාට මම ඇතුලුව අපේ සෙට් එකේ 2-3 අය ෆේස් බුක් ඒකේ නෑ.


මේ දිනේශ් අයියද?

ඔව්...මගේ මුල්ම තේ** සහ වො** සටහන
අද තමයි වෙලාවක් අහුවුනේ ඊමේල් බැක්ලොග් එක ඉවර කරන්න....
ඇත්තටම පොතේ අලුත් පිටපතේ කියලා තියෙන විදියට මගේ ස්කෝලේ යාලුවෙක් මැරුනා ගිය අවුරුද්දේ...ඒ වෙලාවෙදි ආයේ පොත ගැන ඇදිලා ආවා...ඊට පස්සේ තමයි කට්ටිය කිව්වේ පොත ගැන ෆේස් බුක් වල සහ බ්ලොග් වල කතා කරනවා කියලා....ඒගැන හෙව්වට පස්සේ තමයි හිතුනේ ඒ කතා කරන එකට ගරු කරන්න ඕනේ කියලා....
ස්තූතියි...මල්ලි..ජය සහ සැප...


තේ වො කියන්නෙ ප්‍රකාශනය කරන නමද? මටත් පොත අහම්බෙන් ඊ ලින්ක් එකෙන් හම්බවුනේ... මමත් පොත හොයන්න ගත්තෙ ඇත්තටම රසික අයියගෙ තීරු ලිපියෙන් දැකල...
සතුටුයි... වෙන පොත් ලියවුනේ නැද්ද අයියෙ?

තේ සහ වො කියන්නේ අපි කට්ටියක් ඒ කාලේ සෙට්වෙලා දාගත්ත නමක් ඔය නිර්මාණ වැඩවලට...කටටිය නම් තාම ඉන්නවා (එකෙක් ඇර හැබැයි නිර්මාන නම් කෙරෙන්නේ නෑ)
කතාදෙකක් තියෙනවා මල්ලි..අංගනාවෝ සහ නාස්තිකාර පුත්තු
ඒ දෙක සුළඟට පස්සේ තරැණයා එකේ ගියා
තාම පොත් වලට කන්වර්ට් කරගන්න බැරිවුනා...


අළුත් දේවල් කරන්න සුභ පතනව... ඇත්තටම අද ඉන්න මල් කාරයො ලියන්නෙ අහසෙ පාවෙන්න...ඒකයි සුළඟ වගේ ඇවිදින් ගැන ලියන්නත් හේතු උනේ...
ආහා... අයිය ඉස්කෝලෙ මොන අවුරුද්දෙද? කොළඹ පොත් ප්‍රදර්ශනේදි එහෙම ඉස්සරහට හම්බවේවිනෙ...

මම 91...කොළඹ පොත් ප්‍රදර්ශනේදි පොත සහ පොත බෙදාහරින ගිහාන් අය්යාව නම් හමුවෙයි...ඒත්..මට එන්න වෙන්නේ නෑ. මොකද දැන් සෑහෙන කාලෙක ඉඳලා මම (සහ අපේ තේ-වො සෙට් එකේ 50%) ලංකාවෙන් පිටයි පදිංචි වෙලා ඉන්නේ...

ආහ්... කොහෙද අයිය ඉන්නෙ...එහෙනම් ඉක්මනට ෆේස්බුක් එන්න...දිනේශ් කොළඹගේ කවුද දැනගන්න ගොඩක් අය කැමැත්තෙන් ඉන්නෙ...
මං ඉපදුනේ 91...

91 ඉපදිලා මේක කියවනවා කියන්නේ වෙනම තෑග්ගක් දෙන්න ඕනේ....මට අවංකවම සන්තෝසයි

ප්‍රශ්නයක්... උත්තර දෙන්න කැමතිනම්... කතාව ඇත්ත කතාවක්ද? අයියට වෙච්ච දෙයක්ද?

Pass...

Accepted :)
අයිය දැන් කොහෙද ඉන්නෙ?
ඉස්සරහට බ්ලොග් පෝස්ට් එකක් ලියවේවි.... අකමැත්තක් නැත්තන් අයිය ගැනත් පොතේ අළුත් විස්තරත් ලියන්න හිතනව...

කමක් නෑ මල්ලි. මම කවදවත් පොත එලියට දාලා හැංගිලා හිටියේ මොකද ප්‍රසිද්දිය සවුත්තුයි. ඒකයි ෆේස් බුක් එකටත් නැත්තේ...
අයිය දැන් කොහෙද ඉන්නෙ? උත්තර දුන්නෙ නැති වුනාට කමක් නැද්ද..?

ඇත්තම කියනවනම් මමත් පොතනම් ගත්තෙ නෑ තාමත්...
අපිට මූණ දකින්නවත් එන්න.... අකමැතිනම් අවුලක් නෑ...

අපෝ ඒක කමක් නෑ. කියවන සහ කොරතුරු දැනගැනීම තමයි ලෝකෙ තියෙන දෙිවෙනි ලොකුම බඩගින්න...පොත කියන්න ආසයි නම් ලියන එකා පොත ප්‍රින්ට් කරන්නෙත් නැත්නම් මම වුනත් ඉන්ටනෙට් එකෙන් කියවන් තිබුනා.
පොත තියාගන්න සහ පරන තාලෙට ඇඳ උඩට වෙලා කියවන්න කැමති අයට තමයි ආයෙත් ප්‍රින්ට් කලේ
මම ඒ පරන තාලෙට කැමතියි


ඒක හරි... පොත ලියවුනෙ කොයිකාලෙද අයියෙ? 94ද?
මමත් පරන තාලෙ..විකල්පය උනේ ඉතින් ඊබුක්...

හොඳ පුශ්ණයක්....93ද කොහෙද...කොහොම හරි මට 22 වෙනකොට මම ලියපු කතා 3ම ලියලා ඉවරයි...

අහා... වෙන ප්‍රශ්න ඇහුවොත් ආයෙ මුල ඉඳන්මයි යන්නවෙන්නෙ... ෆේස්බුක් එකේ දකින්න කැමැත්තෙන් ඉන්නව ඔන්න... බ්ලොග් එකෙත් මං දැන් හැන්ගිල... ප්‍රසිද්දිය අදහස් මොටකරන නිසා...

රසික ජයකොඩි ලියපු ලිපියත් මට යාලුවෙක් PDF කරලා එවලා තිබුනා. මල්ලි එයා දන්නවා නම් මම ස්තූතියි කිව්වා කියන්න..
මේ තේ-වො ඇර (ඒකත් අපි කට්ටයි බෙදාගෙන තමයි ඉන්නෙ.. දැනට සුළඟට බදු දිලා තිබුනාට!) මම ෆේස් බුක් නම් එන එකක් නැ මල්ලි...


Very true...
ලියන දේ නෙමෙයි ගොඩාක් අය බලන්නේ ලියපු එකාව...
බොහොම සන්තෝසයි මල්ලි මෙහෙම හම්බු වුනාට...විශේෂයෙන්ම තේ-වො එකෙන් මම ලොග් වුන පලවෙනි පාරම...


ඒකත් හරි...හැබැයි ලියපු දේට ආස උන් එහෙම කරන්නෙ...

හොඳින් ඉන්න...ජය සහ සැප ලියනවා නම් මම ෆේස්බුක් එකට වඩා මේල් එක තමයි බලන්නේ...
Take care malli Bye for now...


ආහ් එවන්න... අනිවාර්යයෙන් ලියන්නම්... හම්බවෙන්න මේපැත්තෙ එනවනම් අපිට කියන්න... මට විතරක් උනත් කමක්නෑ..හම්බවෙලා කතාබහ කරමු...
බුදු සරණයි!

දිනේශ් කොළඹගේ මොන පාටද, තට්ටය පෑදී කොණ්ඩය සුදුවී ඇත්ද, කතාවේ ඉතිහාසය ආදිය දැනගන්නට හිතේ කොණක ඇතිවුනු ආසාව තෙරපා යටකරන්නට සිදුවුනේ මේ ගල් ආඳා ලෙස්සා යාම ප්‍රගුණ කළ එකෙක් වීම නිසාය. ඇත්තටම ඒ කතාබහ දිනේශ අයියා සමඟද යන පැනය මගේ සිතට වරක් දෙවරක් ඇතිවිය. එනමුත් ඔහුගේ කතාබහේ ස්වරය ඒ සැකය නැතිකර දැමුවේය.

මල් ගණයට දමා යටකළ කතා තුනක හිමිකරුවා කවුද යන්න සොයන බොහෝදෙනෙක් සිටිති. ඔහුගේ සැඟවී සිටීම සුළඟ වගේ ඇවිදින් මාර්කට් කළ බව සැඟවිය යුතු නැත... එනමුත් ඔහුගේ සැඟවී සිටීම ගැන කතා කරන්නට අපට අයිතියක් නැත. ඒ ඔහුගේ ඉතිහාස කතාව අපි නොදන්නා නිසාය. ඔහු මහා වීරයෙකු ලෙස පුම්බා ඔහුට සුලඟ වගේ ඇවිදින් විඳි දෙනෝදාහකගේ ඇති ආදරය කැමැත්ත විකාරරූපී කරන්නට මට කිසිඳු අදහසක් නැත... එනමුදු ඔහු කව්දැයි දැනගන්නට මගේ හිතේ කොණක සැඟවුනු කැමැත්තක් ඇත...


පසු සටහන 2012.08.22 :

මේ බ්ලොග් සටහන ලියවීමෙන් පසු මගේ හිතට ලැබුණු පණිවිඩයක මෙසේ සටහන් විය.

"මගේ පොත ලස්සන නම් ඒක ගැන කතා කරන්න...අරුණි මාලින්ද ගැන කතා කරන්න ඒකයි වැඩිය හොඳ. ඒ ගැන දැනගන්න වගේම කියවපු අයට ඒක වැදුන සහ දැනුන විදිය දැනගන්නත් මම කැමතියි..."

දිනේශ් කොළඹගේට ඔබේ හිත කියූ දේ කියන්න : thames.volga@gmail.com

Comments

  1. ඔන්න මාත් ආව.
    මේක දැක්කම මට "පොත් කියවන අය" මතක් වුනා :ඩී

    ReplyDelete
    Replies
    1. හපූයි අංකල් ඇන්ටි දැක්කොත් ඉවලායි! :කැපිටල් ඩී
      සාදරයෙන් පිළිගනිමි... හැමදාම එන්න... :)

      Delete
  2. ඔන්න මමත් ආව මේ පැත්තට...කබ්බන්ගේ ලිස්ට් එකේ උබත් ඉන්නවා දැක්කම තමයි දන්නේ උබත් බ්ලොග් ලියනවා කියලා.....එළ එළ දිගටම ලියපන්..

    ReplyDelete
    Replies
    1. හැමදාම ගවේශණය කොරන්න ඔන්න... :)

      Delete
  3. ආ මල්ලි .කොහොමද මෙකේ ලින්ක් එක පොත් කියවන අය පේජ් එකේ දැම්මොත් ??? කාලෙකට කලින් හරි සංවාදයක් ගියානෙ....මමත් දැකගන්න කැමති ලේඛකයෙක්.........ස්තුතී ඔයාට මේ ගැන දැම්මට....ඒ කාලෙදි මමත් පිස්සුවෙන් වගේ හොයල කියවපු පොතක් "සුළඟ වගේ ඇවිදින්"

    ReplyDelete
    Replies
    1. හප්පේ දණ ගසා වඳිමි අක්කේ, අංකල්ල ඇන්ටිල එක්ක හැප්පෙන්න වෙලාවක් නැතේ... :D

      Delete
  4. මූටත් කන්න ඕනේ වෙලා වගේ... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනවද බොල කන්නෙ? සමා අවසර වැරදුනා රජෝ...

      Delete
  5. මරේගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුව නිසා මේ පැත්තේ එන්න හිතුණා :) සුළඟ වගේ ඇවිදින් මං හරිම ආසාවෙන් කියවපු පොතක්.හරිම LIVELY... මේ ලඟදීත් මායි අපේ මහත්තයායි ඒ ගැන කතා වුණා. කවුරු මොනවා කිව්වත් හොඳ දේවල් මිනිස්සුන්ගේ හිතේ රැඳෙන එක කාටවත් වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. :) පොළවට ලඟ මිනිස්සු පොළවෙ ජීවත්වෙන නිර්මාණවලට ආදෙරෙයි... ආයෙත් එන්න...

      Delete
  6. අදයි ඕං මේක කියෙව්වේ...
    සුළඟ වගේ ඇවිදින් මං ආසම පොතක්..
    පොත ගැන කියලා මාත් පෝස්ට් එකක් දැම්මා මගේ බ්ලොගේ...

    ReplyDelete
    Replies
    1. එක බෝට්ටුවෙ කොල්ලො දෙන්නෙක් අපි... :D ස්තූතියි ගොඩ වුනාට :)

      Delete
  7. පොත කියෙව්වේ ඊයේ.. විභූතිභූෂණගෙ අපරාජිත ජීවිතයක් කියවද්දී ඇහැට කඳුලක් ආවේ මම 7 වසරේ ඉන්දැද්දී.එයින් පස්සේ පොතක් කියවලා ඇහැට කඳුලක් මෝදු උනේ ඊයේ,හේතුව සුළඟ සේ ඇවිදින්.


    පොත කියවද්දී හදවතේ ඇඳුන රූපේ ආනන්දේ හැර වෙන තැනක් නෙවෙයි. උස තාප්පේ තරණය,පයින් ටවුන් හෝල් ගිහින් එකසිය තිස් අට බස් එක අල්ලන හැටි,ධවලගිරියෙන් තොසේ පාරක් දාන එක,බිග් මැච් එක,පපට්ලගේ සරඹ ටික,නුගේගොඩ නටන නාඩගන්,176 බස් එක,පබ් එකේ වල බැහිල්ල අදටත් පොදුයි. කතාවේ චරිත ටික බැලුවාම ඒ හැම කෙනාම අපේ පන්තියෙත් උන්න,මාලින්ද, කොටා,බින්දු,අමිලයා,ගිහාන්........ හර බර සාහිත්‍ය රසයක් නැති බව හැබෑව. සරල සිද්දීන් එකට ඈඳල ගෙනල්ල තියෙන කතා රසය ඉස්තරම්..

    ReplyDelete

Post a Comment

Popular Posts