අයියෝ සින්දු...



ඔයා මගේ  ( අනේ ඇත්තද )
මං ඔයාගෙ
උණුසුම
මේ ආදරේ  ( කෝ කෝ? )
හදවතේ ආදරේ ( නරකද ඔතෙන්ට මාවතේ ආදරේ වගේ එකක් )
සැනසෙන්න
සිහිනෙන්  ( හ්ම් හීන ලෝක තමයි )
ලඟ ඉන්න
සුවඳ
මෙන් සේ හෝ  බෑ  ( සිංහලේ නිපාත ඔක්කොම ඇතේ )
හිත
හඬන්න
සනසන්න
කඳුළු



අපේ සින්දු ලියන මිනිස්සු දන්න එකම වචන ටිකද මන්ද. සින්දු කියන්න පුළුවන්, සංගීතය දන්නව කියන්න පුළුවන් මිනිස්සු හිටියට උන්ට සින්දු ලියන්න මිනිස්සු නැති පාටයි. එක්කො අර මුලින් කියපු කුලකෙට හොඳ පද ටිකකට තනුවක් දාගන්න අමාරු ඇති.

ඔය හොරකන් කරන් හරි ටැලන්ට් එකෙන් හරි එළියට දාන ඇඟ හිරි වැටෙන ටියුන් වලට ලියාගත්තනම් හොඳ හයිය වචන ටිකක්. උදේ පාන්දර සක්ක පද පිරිච්ච සින්දු ඇහෙනකොට දවසම සක්ක වෙනව. අවුරුදු කීපයක් ඇහුවම ජීවිතේ සක්ක...


ගීතයක් මිනිහෙක්ගෙ හදවතට දැනෙන්න සරල විය යුතුයි. ඒකයි ඒ ගීත කලාවට සරල ගීත කලාව කියන නම කියන්නෙ. සරල යනු බාල නොවන වග අමතවීමයි මේ.

ගීතයක් කියන්නෙ වචන නෙවෙයි. වෙන භාෂාවක ගීත රසවිඳින්නෙ වචන හෝ අරුත මත පදනම් නොවී. නමුත් තමන්ට තේරෙන බසකින් අහද්දි අරුත වැදගත්. හොඳම උදාහරණය හින්දි ගීත. වචන ගලා යාම බොහොම මටසිළුටුයි. අරුත හොයද්දි එය වචනවල රසට වඩා දෙයක් දෙන බව මට පෙනුනු දෙයක්.

මේ යන රැල්ල තව අවුරුදු කීපයකින් අපේ ගීත කලාව බහුතර ඉංග්‍රීසි සින්දු වගේ, "එන්න ලඟට, ගලවන්න" කියන බාල තත්වයකට නොදමාවිද යන්න ලොකුම ප්‍රශ්නය...

සරල වචන වලින් ලියැවුණු අඳෝනා නොවෙන අපූරු සිංහල සින්දු අනන්තය. මිනිස්සුන්ට ඒවා අද සින්දු මෙන් අහපු ගමන් අමතක නොවෙන්නේ ඒ නිසාමය.



මා හා එදා
ප්‍රිය සාදයේ
රැඟුවේ ඇයයි
සුරතේ වෙලී
සොයමි යළි
දකිනා තුරා
කොහෙදෝ ගියේ ඈ
කවුදෝ එයා...


පද පෙළ සරලය, සුමටය, සැහැල්ලුය. අහන මිනිහාගේ හිතේ මතුවෙන චිත්ත රූපය සුන්දරය. ඒ සරල යනු බාල නොවෙන බවට හොඳම උදාහරණයකි. සවිමත් වියයුතුයි සිංහල ගීතය, වැනෙන නපුංසක වචන පේළි වලට ගොදුරු නොවෙන්නට.






පසු සටහන...

මේ කුහකකම නොව බාල දේ ප්‍රතික්ශේප කිරීමය...



Comments

  1. ඔයාගෙ හිත ඔයාට කියන දෙ මගෙ හිතටත් දෙනුනා....

    ReplyDelete
    Replies
    1. බහුතර හිත්වලට දැනෙනව මේ දේ. ස්තුතියි සහයට... :)

      Delete
  2. Replies
    1. හ්ම්... අපේ සිනමාවයි සංගීතෙයි දෙකම එකම පාරෙ යන්නෙ... :(

      Delete
  3. මාරම ලියවිල්ලක්! ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මාර නෑ මාර නෑ... :P ස්තූතියි සහෝදරී... :)

      Delete
  4. නැවතිල්ලේ හිතන කොට ඒකත් ඇත්තක තමා

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලේ නෙවේ අටම් සහෝදරය බස්වල දිවිල්ලේ යද්දි මට අනන්ත හිතෙනව... :(

      Delete
  5. නියම සටහන...
    කතා කරන්න පුලුවන් හැමෝම සිංදු කියන රටක, ඉල්ලුමට සරිලන සැපයුම දෙන ගීත රචනා තමයි ඔය සක්ක...

    වචන වල උපරිමය පත අට එකට සිඳවලා දෙන්නේ මෙන්න මේ වගේ එවා...
    හිරු සඳු එකවර දෙපස නැගේ...
    කලුවර ඇයි විජිතයම මගේ...
    රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි....
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟකල ආදරයයි...
    - සුනිල් ආරියරත්න -

    - තේම්ස් සහ වොල්ගා -
    ):

    ReplyDelete
    Replies
    1. අපූරු උදාහරණ ටික... ස්තූතියි ආවට.... :)

      Delete
  6. එන පමාවටම ඕවා හුළගේ ගහගෙන යන්නේ එකනේ.. ගියාට පස්සේ ආයේ කොයිබ තියෙනවාද හොයන්න බෑ ඔය "සක්ක"

    ReplyDelete

Post a Comment