වීදුරු.....දියමන්ති.....



තනිකමක් දැනුනු මොහොතක
පියවර එසෙව්වා ඈතට
සොයමින් මගක් මිදෙන්නට
තනිකමින් පෙළන ගත සිත

පියවර මනිමින් එකින් එක
ඇදෙද්දී වෙරළේ විඳිමින් රළ පහස
නතර උනා පය,නැහැ සිත
දිළිහෙන මිණි කැටයක් ළඟ

ඇහිඳ ගත්තා දෝතින්ම
බැලුවා හිත පිරෙන තුරු හදවතින්ම
දැනුනත් මැණිකක් නොවෙන්නට හැකි බව
හිත කීවේම නෑ අත්හරින්නට

සැක හැර දැනගන්නට
ඇසුවා දුටු හැමගෙන් හිත සනහාගන්නට
කීවා හැමෝම
ඔව් වටින මැණිකක්...

දැනුනා අඩුවක් හිතට
බැලුවා වරක්, දෙවරක් නෙවෙයි
තවත් වරක් සැක හැරගන්නට
හැඟුනා රැවටුනු බව වීදුරු කැබැල්ලකට
තැබුවා වෙරළ ඉම නොයන ලෙස සයුරට ගසාගෙන

ඇවිද ගියා ඉදිරියට
පෙනුනත් නෙක පැහැ, හැඩ මිණි කැට
කීවා සිත එපා ආයෙත් රැවටෙන්නට

දුටුවා දිලිහෙන මැණිකක් එක්වරම
කීවා සිත බලන්නට ගෙන දෑතට
පිස දමා දුහුවිලි කිලිටි වසා සිටි සිත
විපරම් කලා නොවෙන්නට වරදක් නැවත

දැනුනා දෑතට බරැති බව
දිස්නයක් වැඩියෙන් මැණිකකට
වැඩිවිය හදේ ගැස්මද නොවූ ලෙස පෙර
මැණිකක් නෙවෙයි
දියමන්තියක් හිමිවිය...

අවැසි නෑ සැක හැර දැනගන්නට
දැනෙනවා හදට ලැබුනේ දුලබ දියමන්තියක් වග
තබාගත්තා සුරැකිව
හදවත ළඟටම කර
සහතිකයි එය අන්සතු නොවන බව
ගැහෙනා තුරු මගේ
හදවත...

Comments

  1. really love it really :)

    ReplyDelete
  2. thanx Anonymous for loving it ;) i expected that and i appreciate it so much :)

    ReplyDelete
  3. මගේ කොමෙන්ටුව මෙතනට දාන්නට අවශ්‍යයි..ඒත් මට දැන් ඒක මතක නෑ

    ReplyDelete
  4. මතක් කරල දාමුකො බලන්න :)

    ReplyDelete
  5. ඕන්න එහෙනං හොයාගෙනම දැම්ම

    තිබ්බත් වෙරළ ඉමේ වීදුරු කෑල්ල
    මෙලහටත් ගිහින් ඇති මහ මුහුදෙ ගහගෙන
    කිව්වත් උඹට කට කැඩෙනකන්, ගත්තෙ නෑනෙ කනකට
    ඒව වීදුරුත් නෙවෙයි..
    හුලඟටත් විසිවෙන සරුවපිත්තල!!

    :D

    ReplyDelete
  6. හික්... අපේ අක්කෙක් කියුව මතකයි මං ලියපු එකටත් වඩා ඕක හොඳයි කියල... සුභ අනාගතයක ලකුනු පේනව චිම්පා...

    මට කියන්න තියෙන දේ ඕකට මෙච්චරයි...

    "ජීවිතය යනු වැරදීම් හා අතපසුවීම් වලින් ලබාගන්නා අද්දැකීම් එකතු කරගෙන ලබාගත හැකි හොඳම හා වටිනාම දේ වෙනුවෙන් ඉදිරියට යන ගමනකි... අවසානයේ සෑහීමට පත්විය හැකි වටිනා යමක් ළඟාකර ගත් බව හිතට දැනීම ජීවත්වීමයි..."

    පස්සෙ ලිවීම : "මම ජීවත්වෙමි" :)

    ReplyDelete
  7. ඒකත් එහෙමයි කියමුකෝ..අවසානය තාම ආවෙ නෑ...මේ තාම පටංගත්ත විතරයි බොලේ..තව එකක්..ඔය පස්සෙ එක එක ඒව ලීවට වැඩක් නෑ..කාටත් පේන්ඩ බ්ලොගේම ලියනව මිසක් :P

    ReplyDelete
  8. පස්සෙ ලියන කෑලි කාටත් පේන්න බ්ලොගේට දාන්නැති හේතුව "මට වැරදුනා වගෙයි" දැක්කනම් තෙරුම් යාවි... හොඳම ඒවා ඉස්සරහට... කාලෙ කියුවගමන් දාපන් කියල,දානව ආයෙ දෙකක් නෑ...

    චිම්පො ඔය බ්‍රේක් නැති හිතයි කටයි බ්ලොග් එකකට අල්ලල දැම්මනම් අපිටත් පුළුවන් වේවි මොනා හරි කියල යන්න...හික්...

    ReplyDelete

Post a Comment