ඔබ නොහඳුනමි, නමුත් හිත හඳුනමි...



දැක නැත්තෙමි හැබහින්, දැක ඇත්තෙමි අවකාශයෙන්
අසා නැත්තෙමි කටහඬ, හඳුනමි හදේ හඬ
නොආවත් මගේ හිතට, ලැගුම් ගත්තා මගේ හිත තුළ
පෙන්නූ ළබැඳියාවට, අවකාශයේ හැමට
යා යුතුමනම් යන්න,
කවදා හෝ වෙවි හැමටම සමුගන්නට
නමුත් අද නොවේ දවස යන්නට
ඔබා මාමේ ඔබට...

තැබූ අඩය මදකට අයින් කරන්නට සිදුවිය. එසේ නොවූවානම් යයි මගේ හිත කියයි. මොහොතකට පෙර ලැබුනු ආරංචියෙන් හිත සසල විය. මරණය කාටත් උරුමය. සමීපතමයෙකු වෙන්වීම දුකක්ය. නමුත් නොදන්නා කෙනෙකුගේ මරණයක් එතරම් නොදැනීම පොදුය. මම ඔබ නොහඳුනන්නෙමි, දැක නැත්තෙමි, කතාබහ කර නැත්තෙමි. ඔබේ කමෙන්ටුවක් මෙහි නොදැක්කෙමි. එසේනම් ඔබේ මරණය තවත් මරණයක් පමණි...

නමුත් මම ඔබේ අවංක සිනහව දැක ඇත්තෙමි, බ්ලොග් අවකාශයේ කොළුගැටයන් පිරිවරාගෙන සිටිනු දැක ඇත්තෙමි. කෝඩුකාරයින්ට හදවතින්ම පළකළ අදහස් දැක ඇත්තෙමි. ඔබේ නික්මයාම මගේ හිත සසල කරවීය. ඔබ හඳුනාගැනීමට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. ඔබ යනවානම් යායුතුය. ඒගමන නවත්වන්නට අපට අයිතියක් නැත. නමුත් හැකියාවක් තිබුනානම් දහස් ගණනක් ඔබේ නික්මයාම වළක්වනු ඇත. ඔබ යන මග සුවපහසු බව අපි දන්නෙමු. එනිසා ඔබට සුභ ගමනකට ආසිරි පතන්නෙමු. නිවන් මඟට එළඹෙන්නට කළියෙන් අප අතරම ඉපදෙන්නට ඔබට ආයාචනා කරන්නෙමු. මේ සංසාර ගමනේ කොහේදී හෝ හමුවී දැන හඳුනාගන්නට පතමි.

ඔබා මාමේ ඔබට සුභ ගමන්...



ඔබා මාමාගේ සොඳුරු ඡායාරුවක් සොයන විට ලින්ක් එකක් එවමින් සහය දුන් සඳ කිඳුරාට ප්‍රණාමය...

Comments

  1. වෙන පෝස්ට් එකකට නම් කමෙන්ට් කරන්න අදහස් ඕන තරම්. ඒත් මේ ගැන කිසි දෙයක් කියවෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මේ වචන ටික ලියාගත්තෙත් ලොකු ආයාසයකින්... ඔහු යන ගමන සුවපහසු එකක්... සුභ පතමු...

      Delete
  2. ඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!

    ReplyDelete
  3. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  4. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  5. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  6. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  7. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  8. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  9. පමාවට සමාවන්න... පසු වදන් ඕනෑ නැත... ඔබා මාමාට ආදරය කළ හැමෝගේම හිත් නැවතිලා... ඔහුට නිවන් සුව පතමු... අදහස් දුන් හැමට ස්තූතියි

    ReplyDelete

Post a Comment