සීතල නොවැම්බරයේ වරුසාව...


ඔබේ දෑසට එබී බලද්දී
දකිමි දෙනුවන දිස්නෙ අඩුවක්
වෙනස්වන ලොව නොවෙනස්වන
කිසිත් නැති මෙන් හදවත්ද
වෙනස් වියහැකි වග දනිමු දෙදෙනාම
නොවැම්බරයේ වැහි මාරුතෙන් පහන්සිළු
දල්වා තබනු නොහැකි සේම

ඇවිද ආවෙමු බොහෝදුර එකට
ගිමන් හැරියෙමු එකිනෙකා මත වැතිර
හමුවීම වෙන්වීම උරුම පෙම්වතුන්ටමය
දෑඟිලි මුදා වේගෙන් ඉදිරියට
පා නඟන්නේ මමද ඔබද

මොහොතක් නතරව හැරී ආ මඟ
දුටුවොතින් මා නතර වූ වග
පිසදා දෙනයන පණපොවා දිස්නය
ඇවිත් එබෙන්න මගේ දෑසට

නොදුටුවොත් ඔබ හැරී එන වග
යොමා මා නෙත අනන්තය දෙස
එකට ආ මඟ ඇඟිළි බැඳ
තනිව යන්නෙමි තෙමි තෙමී
සීතල නොවැම්බරයේ වරුසාවට




සංගීතය ලොවටම පොදුය... නොවැම්බරයේ වරුසාව අපටද හුරුය... හමුවී වෙන්වෙන ජීවිත දැක පුරුදුය... ඉංග්‍රීසියෙන් ගැයෙන GUNS N ROSES සංගීත කණ්ඩායමේ NOVEMBER RAIN ගීතය හිතේ සිංහලෙන් මතුකළ අදහසක්ය...
ගීතයට මෙතැනින්...

Comments

  1. translation එකක් එහෙනම් !

    ජය !

    ReplyDelete
    Replies
    1. එහෙම එකක්ම නොවෙයි... ඒ අනුසාරයෙන් ගොතල දැම්ම... :)

      Delete
  2. ලස්සනයි.සින්දුවේ ලින්ක් ඒකත් දැම්මනම් වටිනවා කට්ටියට අහන්න :)

    ReplyDelete
    Replies
    1. දමා ඇත ප්‍රමුදියෝ... :P CLICK ගීතයට මෙතැනින්... :)

      Delete
  3. පට්ටාස්ය ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

Post a Comment