දිනෙන් දින පීඩනයට ලක්වන නැගෙනහිර මුස්ලිම් ජනතාව

කිහිපවරක් නැගෙනහිර පුරා කළ සංචාරයන්ගෙන් දුටු දේ හිතට එකඟව සටහන් කිරීමකි.ලියන මා කෙසේ කීවත් කියවන ඔබ සිහිබුද්ධියෙන් කියවිය යුතු බව පළමුව අවධාරණය කරමි. මෙය කියවා මා සහජීවනකාරයෙකු ලෙස හෝ අන්තවාදීන්ට උදව් කරනා කවුරු කවුරුත් කියනා ආකාරයේ ඔන්ලයින් වීරයෙක් ලෙස අර්ථ නොදක්වන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි... මේ වෑයම අන්තවාදී බෞද්ධයන් නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අයිතිය හා උරුමය විනාශ කරන ආකාරයත් එයට එරෙහිව ඔවුන් කරන සටනට හඬක් එක් කිරීමක් පමණි. එසේ කිරීමේ සිතක් පහළවීමට ප්‍රධානම හේතුව මේ රට තුළ ඔවුන්ගේ ආගම හෝ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට කිසිඳු නිදහසක් නොමැතිකමය.මෙය තනි ලිපියක් ලෙස පළකිරීමේදී දිග වැඩි විය හැකි බැවින් යොවුන් මල් නවකතාවක් මෙන් කොටස් වශයෙන් පළකර මාර්කට් කිරීම කරන බවද කරුණාවෙන් සලකන්න.

මෙවැනි සටහනක් දැමීමේ අරමුණ ඇතිවූයේ මෑතකදී නැගෙනහිර ප්‍රදේදයේ සිදුවන අසාධාරණ සිදුවීම් නිසාය. පන්සල් වලට ඉතිහාසයේ හිටි ජාතිවාදී රජවරුන් දුන්නා යැයි කියමින් අහිංසක මිනිස්සුන්ට ඉඩම් බෙදා ගැනීමට ඉඩ නොදෙන නැගෙනහිර පන්සල් වල හාමුදුරුවන්ගේ අන්තවාදී වැඩ හෙළි කිරීමටත් ඔවුන්ගේ තාඩන පීඩන හමුවේ නැගෙනහිර අන්තවාදී නොවන මුස්ලිම් ජනතාව පෙළගැසෙමින් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම එක් අරමුණකි.
තවද නැගෙනහිර ජනතාව ඔවුන්ට මෙතෙක් කල් නොතිබූ සංස්කෘතික පසුබිම අරාබිකරයෙන් මෙරටට ගෙනැවිත් හෝ ඇති කිරීමට ගන්නා උත්සාහට හෙළා දකිනා අන්තවාදීන්ට පහර ගැසීම තවත් අරමුණකි. එමෙන්ම සර්වබළධාරී දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් පාරිසරික සම්පත් කොල්ලකෑම හෙළි කිරීම තවත් අරමුණකි. පන්සල් ඉදිකරමින් ප්‍රදේශය පුරා ආගම ව්‍යාප්ත කරන පුද්ගලයන් හෙළිකිරීමද වර්ග කිලෝමීටර කිහිපයක් තුළ පල්ලි කිහිපයක් ඉදිකිරීම හෙළාදකිමින් ඔවුන්ගේ ආගමික නිදහසට අකුල් හෙලන්නන් එළි කිරීම තවත් අරමුණකි. එමෙන්ම පුරාවිද්‍යා ස්ථාන යැයි බෝඩ් ලෑලි ගසමින් බෞද්ධයන් නැගෙනහිර නැති සංස්කෘතියක් මවා පෑමට එරෙහි වීම තවත් අරමුණකි. මෙකී නොකී අරමුණු සියල්ලගේම පොදු අරමුණ වන්නේ ඉඩම් හා පොලිස් බලතල ලබාදෙමින් ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් නැගෙනහිර අසාධාරණයට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් දේශපාලනික විසඳුමක් ලබාදිමේ සුදුසුබව අවධාරණය කිරීමට උත්සාහ දැරීමයි. ජාතිවාදීන් හා අන්තවාදීන් මෙන්ම ඒ කල්ලිවලට උඩගෙඩි දෙන්නන් මෙය නොකියවිය යුතු බව මගේ අදහසයි. රැඳී සිටින්න මෙතක් ඔබ නොකියවූ ශෝකාන්විත ලිපි මාලාවක් සමඟ. අනුග්‍රහය සඳහා විමසීම් අනවශ්‍ය වේ. නම් හෙළිකිරීමට අකැමැති අනුග්‍රාහක භවතුන් පිරිසක් සහය දක්වයි.

Comments