ආනන්දය - අරුත් ගැන්විය නොහැකි සීමාරහිත හැඟීම...
මේ කෙටි සටහන අවසන් වෙද්දි දිග වෙන්න ඇති ඉඩකඩ වැඩියි.ඒකට හේතුව හැඟීම් වලට සීමා නැතිකම.ආනන්දය එවැනි සීමා රහිත හැඟීමක්.මේ සටහන පුරාවට ආනන්දය යන වචනය යෙදෙන්නෙ අගෞරවයට නම් නොවෙයි,ඒ අකුරු පහක කෙටි වචනය මතුකරන හැඟීමේ ඇති අපූර්වත්වයට ඇති ලැදි බවටයි.මුලු ජාතියේම හදට සමීප ඒ වචනය නිසයි.
අද ආනන්දයට අවුරුදු 125 යි. ආනන්දයට හරි වයසයි.ඒකෙන් අදහස්වෙන්නෙ වයස්ගත දුබල බවක්නම් නෙවෙයි,දිගු ජීවිත ගමනක් තුළ එකතුවුනු අද්දැකීම් වලින් ලැබුනු පරිණත බවයි.ආනන්දය ආවෙ විල්ලුද පලසක් මතින් නෙවෙයි.ආනන්දය ගොඩනැගුනෙ ධන කුවේරයන්ගේ මතින්ම පමණක් නෙවෙයි.ආනන්දය එදත්,අදත්,මතුවටත් ජාතියට වගකීම් ඉටු කරන්නෙ ඒ බැඳීම නිසාවෙන්.
ආනන්දය හැඟීම මට දැනුනෙ අකුරු ගලපගන්න පුලුවන් වයසෙ ඉඳන් ආනන්දය ගැන කියවපු,හිතපු නිසයි.ඒකට පින් දෙන්න ඕනෙ ආදි ආනන්දයීයෙකු වන මගේ අප්පච්චිටයි.ඔහු එකතු කළ ආනන්දය සඟරා,සුලොහිත සංග්‍රාමය සමරු කළඹ යි ආනන්දයට ආදරය කරන්න මට ගුරුහරුකම් දුන්නෙ.ආනන්දය සඟරාව අද නැති බවනම් හිතට දුකක් ඇති කරනව.නිල් කොට කලිසමෙන් ආනන්දයට එන්න මට වරම් නැති උනත් රාජකීයයෙකු වන්නට ලැබුණු වරමට පයින් ගහල ආනන්දයට පහේ ශිෂ්‍යත්වයෙන් ආපු ගමන ගැන අදටත් මගේ හිතේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක් තියෙනව.අද ආනන්දය අවුරුදු 125 සමරද්දි පාසල් නිළ ඇඳුමෙන් ආනන්දයට පියනඟන්නට නොහැකිවීම ගැන පොඩි ඊර්ෂ්‍යාවකුත් හිතට දැනෙනව.
ආනන්දයට අභියෝග ඇතිතරම් එල්ලවුණා.නමුත් කවදාවත් වෙනත් පාසලක් ආනන්දයට අභියෝගයක් උනේ නෑ.සිංහල බෞද්ධ පාසල් රාජකීයයන්ගේ අනුකාරක පාසල් කියන සමහර සිංහල බොදුකම ගැන කතාකරන ඊනියා මහචාර්යවරුන්ට ආනන්දයේ ගමන නොතේරීම පුදුමයක් නොවෙයි.ආනන්දයට බැඳීම ඇති සිය දහසක් ලංකාවේ සාමන්‍ය මිනිස්සුන්ට දැනෙන දේ ඔවුන්ට නොදැනීම ස්වාභාවිකයි.ආනන්දය හැමදාම පෙනීහිටියෙ ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන්.ආනන්දයට සිංහල බෞද්ධ ලේබලය අළවා ආනන්දයේ ජාතික මෙහෙවර වහන්න දඟළන සමහරුන්ට අමතකයි ආනන්දය දෙමළ,කතෝලික,ක්‍රිස්තියානි වගේම මුස්ලිම් වැදගතුන් බිහිකළ බව. ආනන්දය සිංහල බෞද්ධ පමණක් නම් ඉමිටියාස් බකීර් මාකර් වගේ මිනිස්සුන්ගෙ හැඟීම් අඳුනන මුස්ලිම් දේශපාලඥයෙක් බිහිවෙන්නෙත් නෑ. ඒ එක් උදාහරණයක් පමණයි.කුලී වැඩෙන් දවසේ ආදායම හොයන අහිංසක දුප්පතාගේ පටන් මහා ධන කුවේරයාගේ පවා හදවතට ආනන්දය සමීප වෙන්න හේතුව ඒ නිහඬ සේවයයි. 70 දශකයේ ආනන්දයේ පිහිනුම් තටාකයට අරමුදල් එකතු කිරීමේ කැට ව්‍යාපාරයේදී යාචකයෙක් පවා කාසි කිහිපයකින් දායක වූ බව මා අසා ඇති ප්‍රසිද්ධ කතාවක්.ආනන්දය පරණවාඩියේ ලැගුම් ගත්තෙ,සුවිසල් ගොඩනැගිලිවලින් හැඩවුණේ ආනන්දයට හදවතින් ආදරය කරපු මිනිස්සුන්ගේ මහන්සියෙන්. කවුරුන් හෝ ආනන්දය දෙවැනි කර පහත් කර කතාකරනවානම් ඒ නොදැනුවත්කම හෝ අවස්ථාවාදීකම.ආනන්දය අසමසමයි. ආනන්දය අංක 1 නොවෙයි, ආනන්දය ලංකාවේ හොඳම පාසල නොවෙයි.හේතුව ආනන්දය සම කිරීමට කිසිවෙකුට සිතන්නටවත් නොහැකිකම.ආනන්දයේ අසමසම බව ප්‍රසිද්ධියේ පිළිනොගත්තත් ඕනෑම අයෙකුගේ යටිහිතේ පැළපදියම්වෙලා තිබීම ඒකාන්තයි.
බස් රථයේ අසුනින් බාගෙට ඉස්සී යන්නවත්,ආනන්ද විහාරය දෙසට බාගෙට වැඳ යන්නවත් තරම් භක්තියක් නොතිබුනාට අදටත් ආනන්දය ඉදිරියෙන් යද්දි දැනෙන හැඟීම ආනන්දය කෙරෙහි ආදරය,ගෞරවය නිරායාසයෙන්ම උපදවනවා.ඒ හැඟීම පළමු වරට ආනන්දයට පියනැඟූ දවසේ දැණුනු හැඟීමේත්,අවසන් වරට පාසල් නිළ ඇඳුමෙන් ආනන්දයෙන් පියමනිද්දී දැණුනු හැඟීමේත් සංකලනයක්.ඒ හැඟීම දැනෙන සියදහස් ගණනක් ඉන්න නිසාවෙන්මයි ආනන්දය වෙනුවෙන් අනද පුතුන් අදටත් මතුවටත් එක් රොක් වෙන්නෙ.සමහරෙක්ට ආනන්දය අක්කර 37ක් හා ගොඩනැගිලි සමූහයක්.නමුත් ආනන්දය හඳුනාගත් අයෙකුට ආනන්දය හිත පතුලේ ජනිතවන හැඟීමක්.ආනන්දය හැඟීමක් යැයි මුලින් සඳහන් කරන්නට හේතුව එයයි.ආනන්දයට අවුරුදු 125ක් පිරෙද්දි ආනන්දයෙන් පියමන් කළ ආනන්දයීයයන් ආනන්දයට එක් වෙන්නේ ඒ හැඟීම හදවත රිදුම් දෙන තරම්,හදගැස්ම වැඩි කරවන තරම් හදවතේ පැළපදියම් වුණු නිසාවෙන්.
ආනන්දයට හරි වයසයි.නමුත් ජවයෙන් තරුණයි.ආනන්දයට වයස උනත් මහළු නැත්තේ දවසින් දවස ආනන්දයට පිය මනින අනද පුතුන් නිසාවෙන්.ඔවුන් ආනන්දය තවත් ජවසම්පන්න කරන්නෙ ආනන්දයෙන් පියමනින්නන්ගේ අඩුව පිරිමහමින්.ඔවුන් ආනන්දයෙන් පියමනින්නේත් ආනන්දය නම් හැඟීම හිතේ තුරුළු කරන්.ආනන්දය තවත් පාසලක් නොවෙයි.ආනන්දය අරුත් ගැන්වීම අසීරු ගැඹුරු හැඟීමක්.එවන් හැඟීමක් හදවත තුළ ඇති බව වරින් වර දැනෙන්නේ ආනන්දය හදවතේ ලැගුම්ගෙන ඇති නිසාවෙන්.දිග් ගැහුණු මේ (කෙටි ) සටහන තවදුරටත් දිගු නොකර අවසන් කරන්නේ ආනන්දය වචනයෙන් විස්තර කිරීමට තරම් හැකියාවක් නැති නිසයි.
"දින දින කිතු ගොස බෝවී, වැජඹෙනු අනදප මාතා" යැයි මේ සටහනට සුපුරුදු අවසානයක් දෙන්නට නොසිතෙන්නේ විදුහල් ගීයටත් වඩා මා ආදරය කරන ගීතයක් ඇති නිසාවෙන්.අදටත් ඇහෙද්දී සෙමින් මුමුණන "ආනන්ද ගීතය" විදුහල් ගීයටත් වැඩියෙන් ආනන්දය නැමැති හැඟීම හදපත්ළෙන් ඉහළට තෙරපෙන නිසාවෙන්.ඒ මේ සටහනට සුදුසුම අවසානයයි.ආනන්දය... අරුත් ගැන්විය නොහැකි සීමාරහිත හැඟීමයි.
ආනන්දයි
ආනන්දයි
ආනන්දේ අද...

Amaraneeya mavum karuwan bihikala Ananda mathawani.... numba langa upadinna. pas maha belum balawai siv kona demavpiya....
ReplyDeleteජයම වෙවා මචං..වැඩි වැඩියෙන් ලියපං..අපි ඉන්නව කියවන්න..උඹට ආනන්ද මාතවගේ සරණයි!
ReplyDelete:) තැන්කියු සහෝදරයා
ReplyDeleteමැටි වගේ ඇතුලට එන එවුන්ව ලස්සන පිලිම කරන
ReplyDeleteහිතට දුකක් දැනුනාම තාමත් අම්මා ඇරුන කලට යන්න හිතෙන
ලෝකේ ඕනේම අස්සක ගියත් හිටපු එකෙක් හරි මුනගැහෙන
මතක් වුනක් ඇසට කඳුලක් උනන
අරුම පුදුම පුදුම පින් බිම
- මාලින්ද -
ආනන්දෙ එකෙක් කොහේදි හරි මුණ ගැහෙන එක ලෝක සත්‍යයක්... :) ස්තූතියි සහෝදරය, අපූරුවට හිතේ ඇඳුනු අදහස එළියට දාල තියෙනව.... ආනන්ද මාතාවගේ සරණ නිරන්තරයෙන් ලැබේවා... !
Delete