ගයේශාට ගල් ගැසීම !

ගයේශා බැඳලලු.
එහෙම ගෑනියෙක් බැන්ද එකා මොකෙක්දලු.
තමන්ගෙ කිල්ලෝටවල හුණු නොහොයා අනුන්ගෙ ඒව හොයන අය අහනවා !
ඉගිල්ලෙන මාළු එකේ රැඟිල්ල දැක්කනේ. කට්ටියක් කියනවා !

ගයේශා මෙච්චර වැදගත් ඇයි? ඇත්තටම එච්චර මාතෘකාවක් කරගන්න දෙයක්ද? උත්තරය "නෑ"
ගයේශාගේ සිනමාව එකක්, ජීවිතය තව එකක්, දේශපාලනය තව එකක්.

නිරුවත් දර්ශනයකට පෙනී සිටීම ගයේශාට ප්‍රශ්නයක් නෙවෙයිනම්, බඳින මිනිහට ගැටළුවක් නැත්තන්, බලන මිනිස්සුන්ට බැලීමට ගැටළුවකුත් නැත්තන් ඇයි ලොකු කතාවක් ! ගයේශා එක්ක නිරුවත් උන නළුවා !
නිරුවත් දර්ශනයක් සැබෑ ජීවිතය ඒ ලෙසටම පෙන්නීමක්. සුනිල් ටී ගෙ ෆිල්ම් එකක් වගේ ඉගිල්ලෙන මාළුවෝ කළානම් කතාව ඉවරයි.

ගයේශාගේ දේශපාලනය, අවංකද වංකද මමනම් දන්නෙ නෑ. ජනතා පරමාධිපත්‍යයෙන් රස්සාවක් නැති උන, ආමන්ත අතෑරපු පබා පාර්ලිමේන්තු ගිය රටක ගයේශා දේශපාලනය කිරීම වැරදිද? දේශපාලනයට නුසුදුසුකම නිරුවත් දර්ශනයකට පෙනී හිටීම. එතකොට වෙන දර්ශන දාපු අය පාර්ලිමේන්තු යාම !

ඇයි ගයේශාට ගල්.
මගේ උත්තරය සිම්පල්.
ගයේශා ගෑනියක්. ගෑනු පිරිමි භේද නෑ ගෑණියකට ගල් ගහන්න

ඉගිල්ලෙන මාළුවොගෙන් කපපු යූටියුබ් ක්ලිප් එකක් ස්ට්‍රීම් වෙනකන්,
ගහමු ගයේශාට ගල් !


නිමිත්ත : සංසරණය වන අසික්කිත පින්තූරයක් දැකීම
සදාචාර සම්පන්න සංවාදවලට බාධාවකින් තොරව විවෘතය


Comments

  1. //නිරුවත් දර්ශනයකට පෙනී සිටීම ගයේශාට ප්‍රශ්නයක් නෙවෙයිනම්, බඳින මිනිහට ගැටළුවක් නැත්තන්, බලන මිනිස්සුන්ට බැලීමට ගැටළුවකුත් නැත්තන් ඇයි ලොකු කතාවක්//

    ඕක තමා එකම ප්‍රශ්නේ, හැබැයි ඔබත් ඕකම ප්‍රශ්ණයක් කරගෙන නේද? :D

    ReplyDelete
    Replies
    1. තේරිලා නෑවගේ! මම ප්‍රශ්නයක් කරගත්තෙ ඇයි ඒක පුද්ගලයෙක්ගෙ ජීවිතයට අසික්කිත විදියට මඩ ගහන්න හේතුවක් කරගන්නෙ කියන එක

      Delete

Post a Comment