අනෝරා වැස්සට...



වහින්න ඇති තරම්
හිත පිරෙන තුරු
තෙමුවත් මගේ ගත
නොතෙමන්න මගේ ජීවිතය

නොහැක දරන්නට
දකින විට අනුකම්පාවකින් තොරව
තෙත බරිත කරනා හැටි
මගේ ජීවිතය
බලාසිටින්නට නොහැකිම වූ කළ
ඉවත බැලුවෙමි
සනහා ගන්නට හිත

තෙමුවත් මගේ ගත
එපා තෙමන්නට ජීවිතය
වේදනාවකි මගේ හදවතට
දැකීම
සීතලෙන් ගැහෙමින්
පිළිසරණක් පතා
මදෙසට හැරෙන
මගේ ජීවිතය


__අනෝරා වැස්සකට හසුව සිටිද්දී මගේ හිත කියූ දෙයක්__
12.12.2011

Comments

  1. කොලුව බූට් එකක් වත් කාලද මංදා..

    ReplyDelete
  2. හික් හික් නැත සහෝදරයා! නෝ ප්‍රොබ්ලම්ස් :)

    ReplyDelete
  3. Can't explain the worth of this by words... It's touching I mean a lot...

    ReplyDelete
  4. thanx Ano :) if you likie to post in sinhala try this http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete

Post a Comment