බූන්දියෙන් මූණුපොතට... මූණු පොතෙන් මගේ හිතට...

ෆේස් බුක් හි පළවුණු මේ කවිය බූන්දියෙන් අරගත්ත බවක් කියල තිබ්බෙ...
"මේක මගේ නෙවෙයි ඔන්න"... මේකෙ අමුතු ගතියක් හා හිතට ළඟ බවක් දැනුනු නිසා මෙතනට එකතු කලේ...

ලියපු කෙනාගෙ නමත් පහළින් තියෙනව... "බූන්දි" කෑවනම් වැඩි රහක් හම්බවේවි... :)


මං කැමති එහෙම
ඇගේ යටතෙ ම ඉන්න
ආදරේ තදින් ම දැනෙන්නෙ එතකොට

හෝටල්වල
කෑම ඕඩර් කරන්නෙත් ඇය
යන්නෙ කොහාට ද
කීයට ද
ඔක්කොම

දේශපාලන අර්බුද
සංස්කෘතික විශමතා ගැන
පත්තරෙත් අරගෙන
කියව කියව යන හැටි - මට
අත්දෙකෙන් හැඩ මව මව

මෝඩයා කියනකොට
'මෝ' යන්න අදින්නෙ ම හරි අමුතු තාලෙකට

වචනවල බර
හුඟාක් ම අඩුකර
අණදෙන්නෙ මට
හුරතල් ම විදියට

පුරුෂාධිත්‍යයෙන් පීඩිත පිරිමි
දන්නෙ නැති රසයකි මේක
මං කැමති එහෙම
ඇගේ යටතෙ ම ඉන්න
ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට

-දමිත් උදයංග දහනායක-

Comments

  1. උපුටා ගැනීමක් වුණත් නරක නෑ... ආදරේ කවදත් ලස්සනයි

    ReplyDelete
  2. තැන්කියු ශානි... පොඩි වැඩක් කරමුද... මේ කවියෙ කියවෙන පෙම්වතා ගැන කෙල්ලෙක් හැටියට ඔයාට හිතෙන අවංක සිතුවිලි මෙතන දාන්න... ආවට ස්තූතියි!

    ReplyDelete
  3. මට හිතෙන්නේ කෙල්ලගෙ ආදරේ වෙනුවෙන් තමන්ගේ හැම සතුටම කැප කරලා නිහඬව ඉන්න,බොහොම අපූරු චරිතයක්...

    ReplyDelete
  4. හ්ම් ඔව්...එයිට වඩා මටනම් හිතුනෙ කෙල්ලෙක්ගෙ සියුමැලි බව,බොළඳ කම දිහා ආදරයෙන් බලන කොල්ලෙක් වගේ...මෙහෙම අහන්න හේතු වුනේ මේ කොල්ල නෝන්ජල් චරිතයක් වගේ සමහරුන්ට පෙනීමයි...ස්තූත්යි!

    ReplyDelete

Post a Comment