විජය අමතක කරවන්නට උත්සාහ කර අදට 24 වසරකි...


විජයට වෙඩිතබා අදට 24 වසරක්. මේ සටහන ලියවුනේ විජය ගැන ආවර්ජනයක් හැටියට නොව විජය ඝාතනය ගැන මා අසා ඇති දේවලින් මතුවුනු කළකිරීම මිශ්‍ර හැඟීමක් නිසායි.විජය දේශපාලන කරුමයට කරදෙන්නෙ හුදෙක් තමන්ගේ අරමුණක් සඵල කරගන්නට නොවෙන බවයි මගේ අදහස. සිනමාවෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසා දේශපාලනයේ ඉහළට මතුවෙන්නට වරම් ලැබුණු බව නොරහසක්.හැබැයි අද දේශපාලනයෙන් වැජඹෙන කලාකරුවන් යැයි කියාගන්නා වන්දිභට්ටයන්ගේ ගමන් මාර්ගය ඔහුගේ ගමනට වඩා හාත්පසින් වෙනස්.විජය පෙනීසිටියේ මිනිසුන් වෙනුවෙන්.හිරබත් කෑවේ මිනිසුන් වෙනුවෙන්.ඔහු උතුරට ගොස් ත්‍රස්තවාදීන් හා සාකච්චාවට පෙළඹුනේත් ඔවුන් මිනිසුන් වීම නිසා. විජය දේශපාලනය මිනිසුන් වෙනුවෙන් පාවිච්චි කළ දුලබ මිනිහෙක්.

විජය මැරුවේ ඔහුගේ හඬ රුව වැළඳ ගත්තෙක් නොවන බවනම් පැහැදිලියි.ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැරකරමින් එක්සත් ජාතික පක්ශ රජය ඇඟ බේරාගත්තේ විජය ඝාතනය අදටත් සැකමුසු තැන් ඉතිරි කළ සිදුවීමක් කරමින්. කෙසේ නමුත් රිචඩ් ද සොයිසා,ප්‍රේමකීර්ති,තේවිස් ගුරුගේ,දේව බණ්ඩාර ආදීන්ගෙන් ඇරඹී ලියවෙන නම් පෙළට විජය එකතු කළේ ඔහුගේ සුන්දර සිනහව පිරි මුහුණ යළි කිසිදා බලන්නට සිදු නොවන ලෙසිනි.විජය මැරුවේ විජයගේ දේශපාලන ගමන්මග නසන්නට පමණක් නොව ඔහු අත්කරගත් ජන ප්‍රසාදයටද එරෙහිවීමක් ලෙස බව එය සාක්ශි දරනවා.

දඟගෙයි දඬුවම් නිතර හුරු වූ විජය සමුගත්තේ සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි අහිංසක සටන්කාමියෙකුගේ මතක ඉතිරි කරමින්ය.අදටත් විජයට ඔහු නුදුටු ඔහුගේ ජීවිතකාලය තුළ මෙළොව නොසැරිසැරුවන් පවා ආදරය කරන්නේ ඔහු දේශපාලන කුහකට්වයෙන් ජරාජීර්ණ වූ අමනයෙකු නොව,දේශපාලන කුහකත්වය නිසා මතකයන්ට පමණක් ඉතිරිවූ සැබෑ මිනිසෙක් වීමය.

Comments

  1. that's 100% true... You realize the how of it... proud have young members like you in SL

    ReplyDelete
    Replies
    1. thanks for visiting and commenting... I appreciate it :)

      Delete
  2. අමතක කරවන්නට හැදුවාට අමතක වේද?????

    ReplyDelete
    Replies
    1. කිසිදා නොවේ... ස්තූතියි ආවට...

      Delete

Post a Comment