දැවටී ගිය ආදරය...
සුළඟ වගේ ඇවිදින් පොත ගැන මට මුලින්ම ඇහැ ගැටුනෙ රිවිර පුවත්පතේ රිවිසරසි ටැබ්ලොයිඩ් අතිරේකයේ දවසක් දා හැන්දෑවක නමින් රසික ජයකොඩි සොයුරා (සොයුරා යැයි ඔහුව ඇමතීමට හේතුව ඔහුත් ආනන්දයීයකු වීම ) අතින් ලියැවුණු තීරු ලිපියෙන්.ඒ මීට වසර කිහිපයකට කලින්.කියවන්නට ආසාවක් ඇතිවූවත් කුමක් හෝ හේතුවක් නිසාවෙන් එය මගේ මතකයෙන් ගිලිහී ගියා.එය කියවනට කැමැත්තක් ඇතිවීමට දවසක් දා හැන්දෑවක තීරුවේ ලියැවී තිබුනු වචන පෙළත් හේතුවක් වූ බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි.
අහම්බයෙන් ගොඩවැදුනු පොත් ගැන තිබුනු ෆේස්බුක් ගෘප් එකක දමා තිබුනු පෝස්ට් එකක් නිසා මගේ මතකය අළුත් උනා.මට අමතකව තිබූ මා කියවන්නට ආසාවෙන් සිටි සුළඟ වගේ ඇවිදින් පොතේ පිටකවරයේ ඡායා රුව සහිත පෝස්ට් එකේ තිබුනු ඊ බුක් ලින්ක් එක ඇහැ ගැටුණු මොහොතේ මහා සතුටක් ඇතිවුනා.එයට හේතුවක් මා දන්නේ නැහැ.එහි සඳහන්ව තිබූ කමෙන්ට් දැකීමෙන් කියවීමේ අදහස තවත් දැඩි වුනේ එය බොළඳ යැයි බොහෝ දෙනෙක් අවඥාවට ලක් කර තිබීමයි. එහි බොළඳ බවත්,කියවා අවසන් වූ පසු දැනුනු හිස් බවත් මේ සටහනට මුලපුරන්නට හේතුවුනා.
සුළඟ වගේ ඇවිදින් පොතේ පිටුවෙන් පිටුව පෙරළෙද්දී මගේ මනසේ ඇඳුනේ ආනන්දය වීම එය තදින් හිතට කාවදින්නට හේතුවක් වෙන්නැති.පුංචි බොරැල්ල,මරදාන,සයිවර් කඩ,බිග් මැච්,උස තාප්ප,ප්‍රමාද වූවන්ට ශිෂ්‍ය නායකයන්ගෙන් ලැබෙන සරඹ පුහුණු වගේම තවත් බොහෝ දේ මට සිහිපත්කලේ මගේ පාසල. මේ කතාව මගේ හිතට වඩාත් සමීප වීමට එය ප්‍රධානම හේතුවක් උනා.ෆේස්බුක් හි සැරිසරද්දී මේ කතාව මට කලින් කියවූ මිතුරියක් පැවසුවේ දිනේෂ් කොළඹගේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුවෙක් බවයි.ඇයත් ඒ ගැන හරියාකාරව නොදැනයි පැවසුවේ.90 දශකයේ ලියැවුනු බවට සඳහන් මෙය බොහෝ දෙනෙක් තම පාසල් කාලයේ රසවිඳි කතාවක්.මගේ මිතුරිය මේ කතාව රසවින්දේ 9 වසරේදී යැයි පැවසූවිට මගේ සිතට ලැජ්ජාවකට වඩා ඇතිවුනේ කණගාටුවක්.
එය බොළඳදැයි මට පැහැදිලි අදහසල් නැහැ.එය බොළඳ යැයි පිළිගන්නට අකැමැත්තක් හිතේ නිධන්ව තිබෙනවා.මහා සාහිත්‍ය වටිනාකමක් නැති බව ඇත්තක් නමුත් ඒ කතාවේ ආරම්භයේ පටන්ම දකින්නට තිබුනේ යතාර්ථයට සමීප බවක්.සරල බස,සිදුවීම් ගැලපීම අතින් කතාව තවත් සමීප බවක් දැනුනා.මුල පටන් අග දක්වාම පාසල් සමයේ අත්විඳි සිදුවීම්වලින් පොහොසත්ව තිබීම එසේ වීමට හේතුව බවයි මට දැනෙන්නේ.බොහෝ ආදර කතාවලට පොදු වූ අවසානයක් සුළඟ වගේ ඇවිදින් වෙත හිමිවුනත් ඒ අඩුපාඩුව මැකෙන්නේ මා කලින් සඳහන් කළ සමීප බව නිසායි.මේ කතාව සත්‍ය කතාවක් යැයි කිහිපවිටක්ම මා අසා තිබුනත් එහි සත්‍ය අසත්‍ය මා දන්නේ නෑ.අහම්බෙන් ඇසගැසුනු කෙල්ලෙක් ජීවිතයට සමීපවීමත්,එය රැවුම් ගැරහුම්වලට ලක්ව දෙදරායාමත් සුපුරුදු කතාවක්.නමුත් සුළඟ වගේ ඇවිදින් ඉතිරි කර යන්නේ නුපුරුදු හිස් බවක්.
ජීවිතයේ සංක්‍රාන්ති සමයක අහම්බෙන් හිත ගැටෙන හැඟීමක් හුරුපුරුදු අයෙකු සුළඟ වගේ ඇවිදින් ආදරයෙන් වැළඳ ගැනීම සහතිකයි.ඒ එම පුද්ගලයාගේ බොළඳ බව හෝ පහත් සාහිත්‍ය රසවින්දනය යැයි හැඳින්වීම අසාධාරණයක්.සුළඟ වගේ ඇවිදින් ගොදුරු වූ දුක්ඛ දායක යතාර්ථය එය බවයි මට දැනෙන්නේ.එවන් අසාධාරණයකට එය ලක් නොවූවානම් අද පොත් පෙළින් පෙළ එළිදකින සිහින ආදර කතාවලට වඩා හදවතට සමීප වන නිර්මාණ දිනේශ් කොළඹගේ අතින් ලියැවෙන්නට ඉඩ තිබුනු බවක් මට දැනෙන්නේ.ඔහු අතින් වෙනත් නිර්මාණ එළිදුටු බවක් මා අසා නෑ.සමහර විටෙක ඔහුගේ නිහඬවීමට හේතුව තම ජීවිතයේ අද්දුටු වේදනාකාරී සිදුවීමක බර සිතින් නිදහස් කරගැනීමක් පමණක් බලාපොරොත්තු වීමත් වියහැකියි.එහි යටගියාවට අර්තකථන සපයන්නය තරම් පැහැදිලි දැනුමක්,අදහසක් මට නැහැ.
ජීවිතය යනු හමුවීම් වෙන්වීම් අතරින් ඉතිරිවන මතකයන් ගොන්නක්. කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ලෙසින් දැවටී යන හැඟීමක අතරමංව ඒ හැඟීමේ නියම හැඩය තේරුම් ගන්නට දරන උත්සාහයෙන් විසඳාගන්නට නොහැකි ගැටළු ගොන්නකට හසුවන කොල්ලෙකුගේ හිත සුළඟ වගේ ඇවිදින් හදවතින්ම විඳි බොහෝ දෙනෙකුට දැනෙන්නට ඇති.එයම අද පොත්හලකින් ගන්නට නැති පොතක් බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳ ගන්නට හේතු වෙන්නැති.
තනි සිතක සිහිල් සුළඟක් මෙන් දැවටී ගිය ආදරයක් බොහෝ දෙනෙකුගේ ඇස්වල කඳුළු මතු කරන්නටත්,බරැති සුසුම් පිටකරවන්නටත්,හිස් බවක් ඉතිරි කරන්නටත් ඇති.සුළඟ වගේ ඇවිදින් බොළඳ යැයි මගේ සිත පිළිනොගන්නට හේතුවත් එයයි.
නොකියවූ කෙනෙකුට http://www.mediafire.com/?uzmfrnascbj
මචං, දිනේෂ් කොළඹගේ ආනන්දේ එකෙක්...මම දන්න හැටියට ආනන්දේ 90 හරි 91 හරි සිංහල සාහිත්‍ය සංගමේ සභාපති...
ReplyDeleteස්තූතියි සහෝදරය තොරතුරට... කතා දෙකක් නෑ ඒ ආනන්දෙ හැඩයමයි...
DeleteCan you please tell us the Facebook group you mentioned for this book...?
ReplyDelete- "...අහම්බයෙන් ගොඩවැදුනු පොත් ගැන තිබුනු ෆේස්බුක් ගෘප් එකක දමා තිබුනු පෝස්ට් එකක්.."
check this :)
Deletehttps://www.facebook.com/groups/134123179997191/
දැන් නම් මේකේ අළුත් මුද්‍රණයක් ගන්න තියෙනවා
ReplyDeleteම්ම් ඔව් ඔව්... දිනේශ් කොළඹගේ එක්ක පොඩි කතාබහක් කරන්න පහුගිය දවසක හම්බුනා... ඉස්සරහට ඒගැන විස්තරයක් කියන්නම්කො... ස්තූතියි ගොඩවැදුනට :)
Deleteමේ පොතේ මුල්ම මුද්‍රණේ මා ලඟ තියෙනව ^_^
ReplyDeleteඅපිට මොකෝ... හික්... ඒකෙ පිතූරයක් එවමුකො :)
Deleteපොත කියෙව්වේ ඊයේ.. විභූතිභූෂණගෙ අපරාජිත ජීවිතයක් කියවද්දී ඇහැට කඳුලක් ආවේ මම 7 වසරේ ඉන්දැද්දී.එයින් පස්සේ පොතක් කියවලා ඇහැට කඳුලක් මෝදු උනේ ඊයේ,හේතුව සුළඟ සේ ඇවිදින්.
ReplyDeleteපොත කියවද්දී හදවතේ ඇඳුන රූපේ ආනන්දේ හැර වෙන තැනක් නෙවෙයි. උස තාප්පේ තරණය,පයින් ටවුන් හෝල් ගිහින් එකසිය තිස් අට බස් එක අල්ලන හැටි,ධවලගිරියෙන් තොසේ පාරක් දාන එක,බිග් මැච් එක,පපට්ලගේ සරඹ ටික,නුගේගොඩ නටන නාඩගන්,176 බස් එක,පබ් එකේ වල බැහිල්ල අදටත් පොදුයි. කතාවේ චරිත ටික බැලුවාම ඒ හැම කෙනාම අපේ පන්තියෙත් උන්න,මාලින්ද, කොටා,බින්දු,අමිලයා,ගිහාන්........ හර බර සාහිත්‍ය රසයක් නැති බව හැබෑව. සරල සිද්දීන් එකට ඈඳල ගෙනල්ල තියෙන කතා රසය ඉස්තරම්..
මලයා උඹ ආනන්දෙ නේ... දාපන් පහක්... :D ස්තූතියි අදහසට... උඹේ බ්ලොග පැත්තෙත් රවුමක් දාන්නම් ඉඩක් හම්බවුනාම.... :)
Deleteආනන්දේ තමයි අයියේ,ඒ වගේම අයිය *C එකේ ඉන්න කාලේ මම ***U එකේ උන්න :) පස්සේ ***U එකෙන් අයින් වෙන්න උනා ගෙදරින් කේස් නිසා :(
Delete