පුරවන්න මගේ හිත...

හිනැහෙන්න ඔය විදියට
මගේ හිත පිරෙන්නට හැමදාම
නවා හිස මදක් පැත්තට
උතුරවමින් දෑසේ කාන්තිය

හීනි වෙන දෑස් අග
මතුවේ කඳුළු මුතු කැට
පිසදමා හෙමිහිට ඔබ
හිනැහෙන්න යළිත්
පිරෙන්නට
මගේ හිත...

Comments

  1. මං පැතුවේ ඔබේ හිනාව
    ඔබ පැතුවේ මගේ හිනාව
    ඔහු අහිමි කලේ මගේ හිනාව
    මා දවාලයි ඔහුගේ හිනාව


    ගැලපෙන්නේ නැහැ වගේ නේද?

    ReplyDelete
  2. දෙලොවක් අතර තනිවී..
    මටම නොදැනී
    ඈතකට දුවන
    මගේ පුංචි සිතට..
    ඉගිල්ලෙන්න තටු දුන්නෙ
    කව්ද කියාපන්..

    ReplyDelete
  3. අසරණයා |
    හ්ම් නොගැලපෙන්න හේතුවකුත් නෑ... කතාව කෙටියෙන් ගලපල තියෙන්නෙ... අසරණ වෙන්න හේතුව ඕකද මන්ද... ස්තුතියි අදහසට... තව එකක් තමන් කුරුටු ගාන දෙයක් අවතක්සේරු කරන්න එපා...අපරාධයක්...

    Shani |
    මමනම් දන්නෙ නෑ අනේ...හික්... හැබැයි දුන්න කෙනාට පින් දෙමු..ඔය තටු නිසා අපිට හොඳ දේවල් ටිකක් දකින්න ලැබේවිනෙ... ආවට ස්තූතියි... සුභ පැතුම්!

    ReplyDelete
  4. මෙතෙක් කල් ඇයට දුන් දුක් කඳුලු...
    පිස දමා ගතිමි ඇය මා ලඟට..
    අත් නොහරිමි දිවි ඇති තුරා...
    මගේ පණ ඔබය මට..

    ග්ර්ර්ර්ර්ර්,,,මේකනම් ගැලපෙන්නෙම නැද්ද මංදා.. :(

    ReplyDelete
  5. ගැලපෙන්නෙ නෑ නේන්නෙම් බං..හී...හී...
    කඳුළු දීල,පිහල,ළඟට අරන් යන්නත් දෙන්නෑලු...

    අදහස නියමයි...නොගැලපෙන්නෙ නෑ...පොඩි ජෝක් එකක් දැම්මෙ...ගුඩ් ආහ්... :)

    ReplyDelete
  6. කමක් නෑ බං..කියන්න ඕන එක කියාගත්ත නෙ,

    ReplyDelete
  7. පේන විදියට මේක කෙළින්ම කියල වගේ... ;) මෙතන කියුවට්ට පේනවයැ...කමක්නෑ කොහොමහරි කියුවනෙ... හා හා ගුඩ් ලක්! :)

    ReplyDelete

Post a Comment