මට වැරදුනා වගෙයි!


බ්ලොගර් අඩවියට අඩිය තිබ්බේ බ්ලොග් එකක් ලියන අදහසින් නෙවෙයි.කියවන අදහසින්.ලියන්න හිතේ එකපාරම ආපු අදහසින් මගේ හිත කියන දේ පටන්ගත්තේ.නමුත් මගේ හිත ගොළු වුණු බවක් දැනෙන්නේ...මම ආසා කරන බ්ලොග් පිටු අතරේ සැරිසරද්දි නිතරම දැනුනේ මනඃකල්පිත කතා,සිහින,හිතළු වලට වඩා ජීවිත අත්දැකීම්වල ඇති ලස්සන...මගේ හිත කියන්නේත් ඒවගේම දේ උනාට මේ ඒ හැමදේටම සුදුසු කාලය නොවෙන බවක් දැනෙන්නේ...

ජීවිතය විනිවිද පෙනෙන වීදුරුවක්,පිරිසිදු වතුර පොදක් හැටියට මම හිතන නිසායි මගේ නියම ස්වරූපයෙන්ම වචන ගෙතුවෙ...නමුත් එකවරම මගේ හිත හිරවුණු ගතියක් දැනුණු නිසා මට තේරුම් ගියේ මට වැරදුනු බව...

වරද කාලය විසින් නිවැරදි කරාවි... එතකන් මගේ හිත කියන මොන මොනවා හරි මේ ඉඩකඩේ ලියැවේවි... මගේ හිත මේ සුදුසුම කාලය යැයි තීරණය කළ දවසට මමත් නිදහස් වේවි. එතකන් මගේ බ්ලොග් එක වේළුනාවේ...මගේ හිත මං ආසා කරන, නිතරම ගොඩවෙන බ්ලොග් සටහන්වලින් තෙත්වේවි...

Comments

  1. බ්ලොග් එක වේලෙන්න දෙන්න එපා සහෝ.. දිගටම ලියපං

    ReplyDelete
  2. තැන්කියු බ්‍රදර්.. හික්ස්... නෑ නෑ වේලෙන්න දෙන්නෙ නෑ... හැබැයි හොඳම දේවල්නම් ලියවෙන්නෙ නෑ දැන්ම...කාලයට ඉඩදීමට තීරණය කළෙමි... :)

    ReplyDelete
  3. උඹ මාධ්‍යකාරයනේ (එහෙම කිව්වට අමනාප වෙන්ට කාරි නෑ.රටේ ලෝකෙ මාධ්‍යවේදියො හඳුන්වන පොදු නම නොවැ) උඹ දකින කෝණයෙන් අපිටත් මොනා මොනාහරි පෙන්නපන්.උඹේ බ්ලොග් එක තවත් එක් බ්ලොග් එකක් නොවෙයි කියල හිතනවා..ජය සහෝදරයා :)

    ReplyDelete
  4. උඹත් මාධ්‍ය කාරයෙක්නෙ සහොදරයා... මොකටද බං අමනාප වෙන්නෙ... මෙහෙටත් ගොඩ උනාට තැන්කියු... තවත් බ්ලොගක් වීමනම් කෙසේවත් සිදුනොවේ තමයි ඉතින්... :)

    ReplyDelete

Post a Comment