යදම් ලූ ප්‍රේමය

ඔබේ හිස
මගේ පපුවේ හොවාගෙන
පිරිමදිමින් නළලත
ඉල්ලයි හිත බලන්නට
එබී දිළිහෙන දෑස දෙස

හිජාබය සැඟවූ
මුදු කෙහෙරැල් හුළඟට මුසුව
දැවටේනම් මගේ වත
ඉන්නම් නොසෙල්වී
සිත්සේ විඳගන්නට

මෙහෙන්දිය රටා මැවු
සුමුදු දෑඟිලි එකට
පටළවා මගේ ගොරහැඩි සුරතට
අයදියි හිත තනිවෙන්නට
දෑස් මානනු නොහැකි ඉම

දෙපා තෙක් වැසුණු ගත
හැඩ වරුණ දනී හිත
සිතුවිලි සසලය
රාගයට නොව
පිරී උතුරන ආලයට

එකෙක් නොව එකම ලෙස
ඈඳාගන්නට මගේ ජීවිතයට
විඳින්නට සිත්සේ නුඹේ
සියුමැළි රුව හැඩ
බුරබුරා දැවෙයි
යදම් ලූ නිරාමිස ප්‍රේමය



අහම්බයෙන් බස් රථයකදී දුටු සොඳුරු දසුනක් නිමිතිකරගෙන

Comments

  1. ෆාතිමා කෙනෙක් දැකල වගේ!:)
    ලස්සනයි නිර්මාණය!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ෆාතිමාට ආදරය කරන මොහොමඩ් කෙනෙක්ගේ හිතේ ඇඳුනු සිතුවිල්ලක් මවාගෙන ලියුවෙ... :) ස්තුති වේවා!

      Delete
  2. උඹට හොදට ලියන්ඩ පුවවන්නේ බං ටිකක් වැඩිපුර ලියහංකෝ

    ReplyDelete
  3. ලස්සනයි යාලු :)

    ReplyDelete
  4. ස්තූතියි සහෝදරී :)

    ReplyDelete

Post a Comment