ඇඟිලි තුඩු පෑනෙන් ගොඩගැහුණු මතකයන්... බ්ලොග්...
බ්ලොග් කියවන්න පුරුද්ද ඇතිවුනු ආකාරය ගැන මගේ මතකයක් නැහැ. අලුත්වීමක් නොතිබුනු මගේ බ්ලොග් අඩවිය පණගැහුණු හැටිත් මට එතරම් මතකයක් නැහැ. නමුත් බ්ලොග් පිටු අතරේ හැසිරෙද්දි එක්වර ආපු හැඟීමකින් සටහනක් දෙකක් ලියවුනු බවනම් යන්තමින් මතකයෙ තියෙනව.
මේ සටහන ලියවෙන්නෙ බ්ලොග් ගැන අර්ථකථනයක් දීමේ අරමුණින්නම් නොවෙයි. බ්ලොග් කියවද්දි හිතේ ගොඩගැහුණු හැඟීම් ටිකක් නිදහස් කිරීමේ අදහසින්. නානාප්‍රකාර බ්ලොග් අඩවි අතරේ මගේ ඇස නිරායාසයෙන්ම නතරවුනු තැන් බොහොමයි.ඒ හැමතැනකම වස්තුබීජය වී තිබුනෙ ජීවිතය,ආදරය ගුරු කොටගත් තේමාවන්. ඒ හැම සටහනකම රැඳී තිබුනු අව්‍යාජත්වය ජීවිතයේ සැබෑ අද්දැකීම් උරුම කළ ඒවා බව සැකයක් නැහැ. ඒ හැම සටහනකම හිමිකරුගේ ඇතුලාන්තයට එබෙන්න පුලුවන් තරමේ අව්‍යාජයත්වයක් ඒවා තුල සැඟවී තිබුනා.
එවැනි ජීවිත අද්දැකීම්වලීන් බිහිවුනු බ්ලොග් සටහනක් හරියට වීදුරු බඳුනක් වගෙයි. අභ්‍යන්තරයම පිටතට පෙන්වන තරම් අව්‍යාජයි. බොහෝ දෙනෙක් බ්ලොග් අඩවි පීරමින් කාලය ගෙවන්නේ එවැනි අව්‍යාජත්වයකින් පිරුණු,ඇඟිලි තුඩින් වචනවලට පෙරළපු මතකයන්ට,හැඟීම් වලට ඇති ආදරය නිසා වෙන්නැති. ඒ අතරේ තමන් අත්විඳි මතකයන් අසළ මොහොතක් යළිත් නතරව අතීතයට යන්නට ඇති කැමත්ත නිසාවෙන් වෙන්නැති. මේ බ්ලොග් මගේ හිතට දැනුනු හැටි. මමත් බ්ලොග් අතරේ අතරමං වෙන්නට ඇති මා නොහඳුනන ආසාවට හේතුවත් එයම වෙන්න ඇති...
උඹ හරි බ්ලොග් තියෙන්නේ හිතෙන දේ කියන්න .. ඉතින් ලියන්ඩකෝ ඔයැයිගේ හිතේ තියන දේ ..
ReplyDeleteඅලුත් බ්ලොග් එකට සුබ පැතුම් චරිත් ..තව ලීවොත් බලන්න එන්නම්
හප්පා සඳරු මෙහෙට ගොඩවෙලා! කමෙන්ට් එකට ස්තුතියි! මන් තාම අතහුරු කරගන්න එකානෙ,ඉස්සරහට ලියනව අනිවාර්යයෙන්ම...
ReplyDeleteමගේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එකේ ගෞරවය උඹට...! ඒක ලොකු හයියක්... ආයෙත් ගොඩවෙලා යන්න... :)