එපා එපා...





පුංචි බොරැල්ලෙන් මතුවුනු විරෝධතා පෙළපාලියක් මරදාන හරහා ගිහින් ස්ටේශන් එක ඉස්සරහින් වමට හැරුනා.හෙතුව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.ඒක නිදහස් අධ්‍යාපනයට හානියක් උනත් නොවුනත් ඒ පෙළපාලියෙන් වෛද්‍ය පරම්පරාවට හානියක් උනු බවයි මගේ අදහසනම්.පැය භාගයකටත් වඩා පාරේ ගිය වාහන හෙළවුනේ අඩිය දෙක ගානේ.වෛද්‍ය ලෝගුව හැඳ කෑ ගසමින්,බෝඩ් උස්සන් ගිය සහෝදර වෛද්‍ය සිසුන් දකිද්දි මට හිතුනෙ ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් වරප්‍රසාදයට අසාධාරණයක් ඉටු කරන බවයි.

මම පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනීසිටින්නෙක් නම් නෙවෙයි.ඒ වගේම එයට විරුද්ධත් නැහැ.නමුත් ඒ සිද්ධියෙන් දහස් ගණනකගෙ නාස්ති වූ කාලය,නිරපරාදේ දැවී ගිය ඩීසල්,පෙට්‍රල් ගැන හිතද්දි ඒ කාර්යයේ වටිනාකමක් නැති බවක් මට හිතුන.අවාසනාවකට හෝ අසාධ්‍ය ලෙඩෙක් ගෙනියන ගිලන් රථයක් ආවානම් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ.

ඔවුන්ගේ සටන් පාඨ ඇසිය යුත්තන්ට ඇසුනාද යන්නත් ප්‍රශ්නයක්.ඒවා පිළිගනීද යන්නත් ප්‍රශ්නයක්.නමුත් ඔවුන් නිදහස් අධ්‍යාපනයේ නාමයෙක් තමන් අනාගතයේ දරන වෛද්‍යවරයා යන ගෞරවනීය නාමයට හානියක් කළ බවයි මට හිතෙන්නේ.කවදාහෝ වෛද්‍ය වෘත්තියට එළඹ පෞද්ගලික යන වචනය ඔවුන්ද වැළඳ නොගන්නේ ‍යැයි කිවහැක්කේ කාටද.එදාට තමන් උපන් ගමට දුශ්කර සේවා කාලපරිච්චේදයට හෝ නොයාසිටීමට උත්සාහ නොදරන්නේ ‍යැයි කිවහැක්කේ කාටද.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බරපැන දරමින් බදුගෙවූ අහිංසක මිනිසුන් අමතක වන සුළුතර පිරිසක්ද නොසිටිනවා නොවේ.මෙය සියළුදෙනාටම පොදුවේ කරන ගැරහීමක් නොව අතළොස්සක් වූ එවන් පුද්ගලයන් වෛද්‍යවරයා යන ගෞරවණීය නාමයට කරන හානිය පිළිබඳ මට දැනුනු ආකාරයයි.

වෛද්‍යවරයා යනු හුදෙක් ගෞරවණීය පුද්ගලයෙකි. එවන් ගෞරවයක් මුළු සමාජයෙන්ම ලැබීමට සූදානම් වන පිරිසක් කාගේවත් අතකොළුව ගෞරවය කෙළෙසීම නුසුදුසුය.






Comments

Post a Comment