මම මාව මගේ නොවන ඇසකින්...



මෑතකදි අහපු සින්දුවක පද පේලි දෙකක් අමතකව නොයන තරමටම හිතේ හිටියා... පරණ සින්දුවක් උනත් ඒක මට අලුත් උනේ හැමෝටම පස්සෙ අහපු නිසායි...ඇස් කතාකරනවා කියන නිතර ඇහෙන යෙදුම මං වැඩිපුර ගනන් නොගත්ත කෙනෙක් උනාට පහුකාලෙකදි ඒකෙ තරමක ඇත්තක් තියෙන බව තේරුම් ගියා... ඒ වුනත් සමහර ඇස්වලින් හිතේ මතුවෙන හැමදෙයක්ම නොපෙන්වන බවනම් මං අද්දැකීමෙන්ම දන්නවා....

නමුත් මේ පද දෙපේලිය තදින් හිතට වැදුනෙ අසුභවාදී අද්දැකීමක් නිසානම් නෙවෙයි... ඒ හැමදේම අකුරු වලට ගලපන්න කාලය තවමත් ආවෙ නෑ කියන එකයි මගේ හිත කියන්නෙ...මගේ හිත අඳුනන සුළු දෙනෙක් තමයි මගේ දෙබිඩි කතාවෙ නියම තේරුම දන්නෙ... හැබැයි දැන් මම විශ්වාස කරනව පිරිසිදු හිතක් ඇස් වලින් කියවන්න පුළුවන් බව...හේතුව මම මාව මගේ නොවන ඇසකින් දැකීම...


ඔබේ ඇස් අස්සේ...
මං මාව දැක්කේ...

Comments

  1. ඔය පද දෙක දැක්කාම මටනම් මෙලව හත්තිලවුවක් හිතට එන්නේ නෑ ..

    ඒවුණාට උඹගේ හිත වෙනස් නේ . උඹට දැනෙන විදිහ වෙනස් මට දැනෙන විදිහ වෙනස් . .. කොහොම හරි කමක් නෑ දැනෙන දේවල් හෙමිහිට අකුරු කරලා දාන එක නම් ලොකු දෙයක් ..

    බ්ලොග් එක සින්ඩි වලටත් දාගෙන ..වැඩේ අල්ලගෙන යන්න ..

    ආ තව දෙයක් මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරහංකෝ කමෙන්ට් කරන්න ගොඩක් අය අකමැති ඔය වෙරිෆිකේශන් නිසා

    ReplyDelete
  2. ඒක හරි... හැම හිතක්ම එකවගේ උනොත් මෙලෝ රහක් නෑ...

    හැබැයි ඉතින් හිස් අහසෙ සඳරු නිල් පාට,දුඹුරු පාට ඇස් දිහා බැලුව කියලනම් අපි දන්නවනෙ... හික්ස්...

    කමෙන්ට් එකටයි,උපදෙසටයි තෑන්ක්ස්... ඉක්මනට හදන්නම්... හැබැයි මට ඔය අවුල හදන විදිය අහුවුනේ නෑනෙ... මූනු පොතේ පෞද්ගලික උපදෙසක් දෙන්න පුළුවන්ද සඳරු සර්? :)

    ReplyDelete
  3. ම්චෝ කමෙන්ට් මොඩරේශන් ඉවත් කිරීම අපිට කරන්න තියන දෙයක් මිස ඒක අවුලක් නෙවේ . ඉඳහන් මම කියාල දෙන්න

    බ්ලොගර් වල ඩෑශ්බෝඩ් එකට ගිහින් --> සෙටින්ග් වලට ගිහින් --> පාත තියන කෙමෙන්ට් කියන එක ක්ලික් කරලා --> ඒකෙ අඩියටම ගියාම තියන Show word verification for comments? කියන එක No කරහං බඩු බනිස්

    ReplyDelete
  4. තෑන්ක් යූ සර්! ඔන්න හරි නේද? සමාවේවා අපහසුතාවයට පත් සියල්ලෝම...

    ReplyDelete
  5. Dulitha | ෂුවර්ම ෂුවර්ද? කවුරු උනත් මොකද ;)

    ReplyDelete
  6. වැඩේ නැගල යනව වගේ සහෝදරයා...උඹේ ඔය හිත අඳුරන්නෙ කවුදැ?

    ReplyDelete
  7. චිම්පා | තේරුනා මදි වගේ...

    ReplyDelete

Post a Comment